ලබන ජනවාරි මාසයට පමණක් ගල් අඟුරු නෞකා 07ක් මෙරටට ගෙන්වා ගන්නා බවත් ඉන් ගල් අඟුරු රැගත් නෞකා 03ක් ජනවාරි මස මුල මෙරට පැමිණීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.
මේ වනවිට කොළඹදී පැවත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහිදී තවදුරටත් පවසා ඇත්තේ ඉන් එක් නෞකාවක් ජනවාරි මස 05වනදාත් තවත් නෞකාවක් ජනවාරි 09වනදාත් දිවයිනට පැමිණීමට නියමිත බවය. එමෙන්ම තවත් ගල් අඟුරු නෞකාවක් ජනවාරි මස 13වනදා පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කරයි.
“මේක මීට පෙර ලබා ගෙන නැහැ ලංකාවේ. 06ක් තමයි සාමාන්‍යයෙන් උපරිම වශයෙන් ලබා ගෙන තියෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වනවා 07වන නෞකාවත් ජනවාරි මාසෙට පැමිණෙන, ජනවාරි මාසේ 31 වන දා ලබා ගැනීමේ කටයුතු කරන්න.”
නෞකා කිහිපයක් සඳහා ගෙවීමට අවශ්‍ය මූලික මුදල් ලෙස 30% මුදලක් ගෙවා ඇති බවද ඔහු එහිදී පැවසීය.










