මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවත් අවදානමක – දේවිකා කොඩිතුවක්කු

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවත් අවදානමක – දේවිකා කොඩිතුවක්කු

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ උග්‍ර හිඟයක් පවතින අවස්ථාවක වයස අවුරුදු 60 සම්පූර්ණවන නිලධාරිනියන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පවසයි.

මේ අසම් බන්ධයෙන් ඇය වැඩිදුරටත් පවසන්නේ, “වෙනත් වර්ෂවලට වැඩිය 2022.12.31 වනදායින් පසුව විශ්‍රාම යන පිරිස වැඩිවෙලා තියෙනවා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ. මේක අපි දකින්නේ මේ වර්ෂයේ අවුරුදු 60 සම්පූර්ණ වෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අමතරව දැනට සේවයේ යෙදිලා හිටිය අවුරුදු 61, 62, 63, 64 කියන වයස සම්පූර්ණ කරපු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනුත් මේ දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යන්න නියමිතයි. මෙතැන දී පැහැදිලිව පේනවා වෙනත් වර්ෂවල එක් වර්ෂයකදී විශ්‍රාම යන පිරිසට වැඩිය ප්‍රමාණයක් මේ වර්ෂයේ දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යනවා. මේක පවුල් සෞඛ්‍ය සේවාවට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒක මාතෘ හා ළමා සෞඛ්‍යයට බලපානවා කියන්නේ එම සේවාව බිඳවැටීමේ අවදානමක් තියෙනවා.”

විශ්‍රාම ගනු ලබන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් වෙනුවට එම පුරප්පාඩු පියවීම සඳහා රජයේ නව බඳවා ගැනීම් සිදුකිරීමට මේ මොහොතේ කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් සේවා බිඳවැටීමක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු සැලැස්මක් නොමැති බවත් ඇය වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්