ජනතා විරෝධය හමුවේ ජනාධිපති ධුරයෙන් පලා ගිය ගෝටාබය රාජපක්ෂ සිය පවුලේ ඥාතීන් සමඟ අද (26) අලුයම 2.55ට පමණ අමෙරිකාව බලා ගොස් ඇතැයි වාර්තා වේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඥාතීන් කටුනායක සිට ඩුබායි බලා ගමන්කිරීමෙන් අනතුරුව ඩුබායි සිට ඇමරිකාව බලා යාමට නියමිත බවය.
ඔහු සමග පිටත්ව ගිය පිරිස අතර බිරිය අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච් රාජපක්ෂද සිටි ඇත.
2









