මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව මාලදිවයිනේ අපරාධ අධිකරණය විසින් වසර 11ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05ක දඩයක් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, පෞද්ගලික සමාගමකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම ලබා දී ඇති බවය.
කෙසේ නමුත් අබ්දුල්ලා යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහුට 2018දී බලය අහිමි වූ අතර 2023දී පැවැත්වීමට නියමිත මැතිවරණයක් සඳහා මාලදිවයිනේ ප්‍රගතිශීලී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් විය.
රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් 2019 වසරේදීද ඔහුට වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05ක දඩයක් නියම කර තිබිණි.
ඔහුට එලෙස දඬුවම් කිරීමෙන් පසු 2020දී නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු නිදහස් කරන ලදී.
1










