රනිල්+මෛත්‍රී සමයේ තල් සංවර්ධනය මණඩලයේ මුදල් වියදම් වූ හැටි විගණනයෙන් එළියට

රනිල්+මෛත්‍රී සමයේ තල් සංවර්ධනය මණඩලයේ මුදල් වියදම් වූ හැටි විගණනයෙන් එළියට

පසුගිය 2015 – 2020 කාලයේ පැවති රනිල්+මෛත්‍රී පාලන සමයට අයත් 2017 වසරේ තල් සංවර්ධන මණ්ඩලයේ වියදම් පිළිබඳ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවකින් මේ වනවිට එළියට පැමිණ තිබේ.

ඒ අනුව තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18ක මුදලින් කෝටි 12ක් එනම් 67%ක්ම වැය කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට බව එම විගණන වාර්තාවේ සඳහන්වේ. මේ අතර තල් සංස්ථාව මෝටර් රථ ඇතුළු උපකරණ මිලදී ගැනීමට 2017 වර්ෂයේ දී රුපියල් හය කෝටි පනස් අට ලක්ෂයක (රු. 65,800,000) මුදලක් වැය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේවා මිලදී ගෙන ඇත්තේ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන නොමැතිව බවද එම වාර්තාව සඳහන් කරයි. එසේම එම සංස්ථාවේ 2015 හා 2016 වර්ෂ සඳහාවූ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බවද විගණන අංශ පෙන්වා දෙයි.

බඳවා ගැනීමේ හා උසසවීම් පටිපාටියේ විධිවිධානවලට පටහැනිව මණ්ඩලය නිලධාරීන් 08 දෙනකුට රුපියල් හතළිස් හය ලක්ෂයකට (රු. 4,600,000) වැඩි වටිනා වැටුප් වර්ධක ලබාදී තිබූ බව විගණන කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් එම නිලධාරීන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාර අරමුදලට හැට දෙලක්ෂයකට (රු. 6,200,000) වැඩි අතිරේක දායකත්ව මුදලක් ලබාදී තිබු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn