සංචාරකයන් පැමිණීම ඉලක්කම් විතරයි – ඩොලර් ආදායම් තවදුරටත් කඩා වැටෙයි

සංචාරකයන් පැමිණීම ඉලක්කම් විතරයි – ඩොලර් ආදායම් තවදුරටත් කඩා වැටෙයි

සංචාරක ව්‍යාපාරයේ නව පිබිදීමක් ඇති බවට සංඛ්‍යාත්මකව කරුණු ඉදිරිපත් වී තිබුණද එමගින් විදේශ විනිමය ඉපයීම් තවදුරටත් පහතවැටෙමින් තිබෙන ඡාවාරම් රැසක් ව්‍යාප්ත කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

දෙසැම්බර් මස මුල් දින 20 තුළ විදේශ සංචාරකයන් පනස්දහස ඉක්මවූ පිරිසක් මෙරටට පැමිණ තිබේ. එහෙත් ඔවුන් මෙරට තුළදී ආහාර ලබා ගැනීම, නවාතැන් ලබාගැනීම, ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම වැනි මූලික කටයුතුවලදී එම ව්‍යාපාරයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින් හට ලැබෙන ආර්ථික ප්‍රථිලාභ ඉතා අවම මට්ටමකට පත්ව තිබේ. සංචාරකයන් වැඩි පිරිසක් කෙටි ආහාර ලබා ගනිමින් මෙරට පොදු ප්‍රවාහණයේ බස්රථ හෝ දුමිරිය මගින් ගමන් කිරීම යතුරුපැදි, පාපැදි මගින් ගමන් කිරීම ආදී වියදම් ඉතාම සීමා කරමින් පවතී.

ඊට අමතරව සංචාරක නිවාස විදේශිකයන් විසින් මේ වනවිට කුලියට ලබාගෙන ඇති අතර එසේ කුලියට ලබාගත් රටවල සිට පැමිණෙන සංචාරකයන් අදාල නිවාසවල නවාතැන් ගැනීමට සලස්වා මෙරටට ලැබිය යුතු විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වලක්වා ඇති බව හෙළි වී තිබේ. මේ නිසා සංචාරක සේවා සැපයීම් වෙනුවෙන්ම අදාල විදේශිකයන් පරිඝණක මෘදුකාංග යොදාගනිමින් කටයුතු කරන අතර මෙරට සංචාරක ව්‍යාපාරයද වේගයෙන් විදේශිකයන් විසින්ම ගිලගනිමින් සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn