පොලිසියේ 260කට මාරු වීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 260ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50ක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210ක් සිටිති.

මෙම ස්ථාන මාරුවීම් අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn