සුනාමියට වසර 18යි

සුනාමියට වසර 18යි

ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අද (26)ට වසර 18ක් සම්පූර්ණ වන අතර සුපුරුදු පරිදි වසරක් පාසා සිදු කරන සුනාමියෙන් ඉන් මියගිය අය සිහිපත් කරන විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ පවසයි.

සුනාමි විපත සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර් 26 දිනය “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇති අතර, දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් මෙම සැමරුම් වැඩසටහන් පැවැත්වේ.

මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය “සුනාමි ස්මාරකය” අභියස දී අද උදෑසන පැවැත්වීමට නියමිතය.

එසේම අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාවක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14කට දැඩි හානි සිදුවූ අතර ඉන් ආසන්න වශයෙන් 35,000ක් පමණ මිය ගිය අතර තවත් 5000ක පමණ ඉන් අතුරුදන් විය.

Facebook
Twitter
LinkedIn