කිතුණු බැතිමතුන් අද ලොවපුරා නත්තල සමරුවද තමන්ට නත්තල් දිනයේ සමාජයෙන් සැඟවී ඉතා වේදනාබරව දිවි ගෙවන්නට සිදුව ඇතැයි පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයෙන් පවුලේ සාමාජිකයන් සියලු දෙනා අහිමි වූ නිරංජලී යසවර්ධන පවසයි.
2019 අප්‍රේල් 21 වැනිදා කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ ඇයට සිය දියණියන් දෙදෙනා සහ සැමියා අහිම් වූවාය.
“2019 අවුරුද්දේ හැමෝම අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටියා. දැන් ඒ සුරංගනා කතා ඉවරයි. මම නත්තල් දවසට කලින් දවසේ කනත්තට ගිහින් ඇවිත් නත්තල් දාට හැංගිලා ජිවත් වෙන්නේ. මට රිදෙන තරම දන්නේ මම විතරයි. පාස්කු ඉරිදා ඝාතනය වූ අහිංසකයට යුක්තිය ඉටු වෙන පාටක් නෑ. හැමෝගෙම අත්වල ලේ ගෑවිලා.”යනුවෙන් නිරංජලී පවසන්නීය.
BBC සිංහල
3










