පසුගිය මැයි මස අවසන් වනවිට මධ්‍යම රජයේ සමස්ත ණය බර රුපියල් කෝටි 2,405,130ක් (රුපියල් ට්‍රිලියන 24) දක්වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ගෝටාබය රාජපක්ෂගේ මාස 30ක පාලන කාලය තුළ ඉහළ දමා තිබේ.
එයට සමගාමීව ඒක පුද්ගල ණය බර රුපියල් 1,093,240ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ පාලන කාලය අවසන් වනවිට රජයේ සමස්ත ණය බර රුපියල් කෝටි 1,303,254ක් (රුපියල් ට්‍රිලියන 13.03) වී තිබිණි. ඒ අනුව ඒක පුද්ගල ණය බර රුපියල් 595,000ක් විය. ඒය මාස 30ක් ඇතුළත රුපියල් 1,093,240ක් දක්වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දර්ශක නම් නිල ප්‍රකාශනයේ ණය බර පිළිබඳ නවතම තොරතුරුද ඇතුළත් කර තිබේ.

8










