යොවුන් චෙස් තරඟාවලියේ ලංකාවට රන් පදක්කමක්

යොවුන් චෙස් තරඟාවලියේ ලංකාවට රන් පදක්කමක්

ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරඟාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනාගෙන තිබේ.

ආසියානු රටවල් 20ක තරගකාරියන් 30ක් අතරින් ඔෂිනි මේ දස්කම දැක්වූවේ පැවති තරඟ වට නවයෙන් ලකුණු 8.5ක් ලබා ගනිමිනි.

ලකුණු 8.5 ඔෂිනි ලබා ගත්තේ ඉන්දියානු, මොන්ගෝලියානු හා වියට්නාමය යන රටවල් තුනේ කීඩිකාවන් දෙදෙනෙකු බැගින් හය දෙනෙකු සහ පිලිපීනය, උස්බෙකිස්ථානය,යන දෙරටේ කීඩිකාව්න් දෙදෙනෙකු පරාජය කරමිනි.

ඉරාන කීඩිකාව හමුවේ ඔෂිනි සිය ජය පරාජයෙන් තොරව නිමාවට පත් කර ගත්තේ ඒ වනවිටත් සිය වයස් කාණ්ඩයේ ශූරථාව තමන්ට නියත වශයෙන්ම දන්නා බැවිනි.

මේ තරගාවලියේ රිදී පදක්කම ඔෂිනිට ලකුණු දෙකක් පසුපසින් සිටි වියට්නාම කිඩිකාවකටද ලෝකඩ පදක්කම ඉන්දියානු කීඩිකාවකටද හිමිවූහ.

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත

Facebook
Twitter
LinkedIn