ඉංජිනේරුවන් ගෙදර යැවීමෙන් මහා ජලාශ බැමි දැඩි අවදානමක

ඉංජිනේරුවන් ගෙදර යැවීමෙන් මහා ජලාශ බැමි දැඩි අවදානමක

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් සියලුම රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක කිරීමත් සමඟ මහවැලි අධිකාරිය යටතේ පවතින ප්‍රධාන ජලාශ බැමි සම්බන්ධ විශේෂඥ අවබෝධයක් සහිත ඉංජිනේරුවන් ද විශ්‍රාම ගැන්වීම නිසා බරපතළ අනතුරක් නිර්මාණය වී ඇති බව හෙළිවේ.

පසුගිය දශක දෙක තුළ මහවැලි අධිකාරියට විශේෂඥ අවබෝධයක් ඇති ප්‍රමුඛ පෙළේ ඉංජිනේරවෙන් බඳවා ගෙන නොමැති බවත් මේ වනවිට විශ්‍රාම ගැන්වෙන පිරිසගෙන් පුරප්පාඩු වෙන තනතුරු සඳහා අදාළ වෘත්තීමය අවබෝධය සහිත පිරිසක් හදිසියේ පත් කිරීමට නොහැකි බවත් අනාවරණය වේ.

එම තත්වය තුළ ප්‍රධාන ජලාශවල බැමි සම්බන්ධයෙන් සුපරීක්ෂණ කටයුතු අවශ්‍ය ආකාරයට සිදු කළ නොහැකි වීමෙන් බරපතළ අනතුරුදායක තත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn