සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතීඥයින් දෙදෙනෙකු වන ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
0










