මෙරටට විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීමට බව කියමින් “මිස් ටුවරිසම් 2022” යනුවෙන් නම් කළ ගෝලීය සන්දර්ශනයක් පැවැත්වීම සඳහා සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම පිරිවැය සහ ප්‍රතිලාභ පිළිබඳ ගණන් බැලීමක් සිදු කර නොමැති බව අනාවරණය වේ.
මෙම සන්දර්ශනය සඳහා ලොව වටා රටවලින් සුරූපිනියන් 80ක් ගෙන්වා ගැනීමට නියමිතය. ලබන දෙසැම්බර් 08 වෙනිදා සිට 21 වෙනිදා දක්වා කොළඹ තරු පහේ හෝටලයක මිස් ටුවරිසම් තේරීමේ තරඟය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ වෙනුවෙන් පූර්ව ප්‍රචාරක කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ජූලි මාසය අවසානයේ රාජ්‍ය ඇමති ධූරයට පත් ඩයනා ගමගේ මේ සඳහා විදේශ විනිමය වෙන්කර ගැනීම කෙසේ සිදු කළේ දැයි බලවත් සැකයකට තුඩු දී ඇත.
මෙරටට ගෙන්වන ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට තරම්වත් විදේශ විනිමය නොමැති වටපිටාවක මෙම සන්දර්ශනය වෙනුවෙන් ඩොලර් යෙදවීම පිළිබඳව ආණ්ඩුව තුළම ප්‍රශ්න මතුවී තිබේ.










