ජනතා අරගලයෙන් පළවාහරින ලද බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන අතර 22 දෙවෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය මුල් කර ගෙන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රැක ගැනීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ.
ලබන නොවැම්බර් මස ඉදිරිපත් කරන අයවැය පරාජය කිරීම වෙනුවට 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ අඩංගු ද්විත්ව පුරවැසියන් මෙරට මහජන නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගැනීමේ අවස්ථා අහිමි කිරීම මූලික කර ගනිමින් දේශපාලන ප්‍රචාරයක් දියත් කර තිබේ. ද්විත්ව පුරවැසියකව සිටින බැසිල් රාජපක්ෂ මූලික කර ගෙන ඔහුට පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථාව අහිමි කිරීම වෙනුවෙන් 22 වෙනි සංශෝධනය ජයග්‍රහනය කරවීමට කණ්ඩායම් ගණන්වාක් ඉදිරිපත්වී සිටී.
එහෙත් ජනතා හිතවාදී නොවන අයවැයක් ඉදිරිපත් කෙරෙන බවට මේ වනවිටත් කරුණු තහවුරුවී තිබුණද එවැනි අයවැයක් පරාජය කිරීමේ දේශපාලන ඉලක්කයක් සහිතව අදාළ කණ්ඩායම් ක්‍රියා නොකරන බව වැඩි දුරටත් හෙළිවී තිබේ. 20 වෙනි සංශෝධනයෙන් තහවුරු කර තිබෙන ජනාධිපතිවරයා සම්බන්ධ බලතල 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉතාම සුළු වශයෙන් පමණක් කපා හැරීමට ප්‍රතිපාදන ඇතුලත් කර ඇත.










