රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමකිවරයෙකුව සිටි 1988දී හඳුන්වා දුන් පළාත් සභා නඩත්තු කිරීම සඳහා ලබන වසර වෙනුවෙන් රුපියල් කෝටි 40,858ක් වෙන් කර ඇති අතර සමෘද්ධි සහනාධාර ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 10,618ක් පමණක් වෙන්කර තිබේ.
සමෘද්ධී සඳහා වෙන්කර ඇති මෙම මුදල තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල වැටුප් සහ දීමනා මෙන්ම අනෙකුත් සියලු පුනරාවර්තන වියදම් ද ඇතුලත් ය. මෙරට ජනගහනයෙන් පවුල් ලක්ෂ 24ක් ආහාර අහේනියට මුහුණ දී ඇති පසුබිමක මෙවැනි අවම මුදලක් වෙන්කර ඇත.
මේ වනවිට අක්‍රියව පවතින පළාත් සභා 9 සඳහා රුපියල් කෝටි 40,858ක් වෙන් කර තිබෙන්නේ එවැනි පසුබිමක ය. බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 6,745ක් වූ වැඩිම මුදල වෙන්කර ඇත. දකුණු පළාත් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 5,121ක් ද මධ්‍යම වෙනුවෙන් රුපියල් කෝටි 4,893ක් සහ සබරගමුව පළාත් සභාව වෙනුවෙන් කෝටි 4,795ක් වශයෙන් ඉහලම මුදලක් වෙන්කර ඇත. වයඹ රුපියල් කෝටි 4743, නැගෙනහිර රුපියල් කෝටි 4,344, ඌව කෝටි 3,715, උතුර කෝටි 3,851 සහ උතුරු මැද කෝටි 2,651ක් වශයෙන් මුදල් වෙන්කර තිබේ.
මෙම මුදල් වෙන් කිරීම් තුළ පළාත් සභා ගොඩනැගිලි කුලිය, ආණ්ඩුකාරවරුන්ගේ වියදම් ඇතුළු පළාත් සභා පිහිටුවීම නිසා ම අලුතින් එකතු වූ නාස්තිකාර වියදම් අති විශාල ප්‍රමාණයක් ආවරණය කෙරේ. බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල සහ එහි උපකරණ නඩත්තුව වෙනුවෙන් දරන අති විශාල මුදල මේ සඳහා එක් උදාහරණයකි.










