රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ වනවිට අනුගමනය කරමින් තිබෙන පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හෝ එසේ නැතිනම් මුළු රටම බන්ධනාගාරයක් කර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් විධායක සභික නීතීඥ තාරක නානායක්කාර පැවසීය.
ඔහු මේ බව පැවසූවේ මේ වනවිට පැවැත්වෙන ජාතික ජන බලවේගයේ අකුරැස්ස ආසන සමුළුව අමතමිණි.
අකුරැස්ස ආසන බලමණ්ඩලය වෙනුවෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ජනතාවට දරාගත නොහැකි පීඩනයක් එල්ල කරමින් රටේ ආර්ථිකයද බිඳවට්ටා අවසන් බවයි. එයට පිළිතුරු වශයෙන් රට ගොඩනැගීම සඳහා එළඹෙන මහා මැතිවරණයේදී අකුරැස්ස ආසනයෙන් ඉහළ ජන බලයක් ලබා දීමට සියලු දෙනාම සාමූහිකව කටයුතු කරන බව නීතීඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
2










