අපේ රට ඇද වැටී තිබෙන අඳුරු අගාධයෙන් රට මුදවා ගෙන 74 වසරක සාපය අවසන් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පළමු ආසන බලමණ්ඩලය අකුරැස්ස මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටුවීමට හැකි වූ බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ අකුරැස්ස ආසන සංවිධායක එස්.ඒ සමන් කුමාර පැවසීය.
මේ වනවිට පැවැත්වෙන අකුරැස්ස ආසන බලමණ්ඩල සමුළුවේදී ඔහු මේ බව පැවසීය.
රටට අවශ්‍ය නිවැරදි පුවරවැසියන් බිහි කිරීමේ වගකීම ජාතික ජන බලවේගය පවරාගෙන ඇති බවත් එම පුරවැසියන් මේ වනවිට ජාතික ජන බලවේගය වටා එක් රැස්වෙමින් සිටින බවද වැඩිදුරටත් ඔහු පැහැදිලි කළේය.
1










