සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) පැවැත්වූ සාමකාමී විරෝධතාවයට රනිල්ගේ නියෝග මත පොලීසිය යොදවා ප්‍රහාර එල්ල කිරිමෙන් අත්අඩංගුවට ගත් සියලුම දෙනා පැය 24ටත් පෙර නිදහස් කර තිබේ.
එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ මහානාම හිමි යන දෙදෙනාට අධිකරණය විසින් ඇප ලබා දී ඇති අතර අනිකුත් සියලුම දෙනාට පොලිස් ඇප ලබා දී ඇත. අධිකරණයේ මෙම තීරණය මගින්, රනිල් වික්‍රමසිංහ විසින් අධි ආරක්ෂිත කලාප 08ක් ප්‍රකාශයට පත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිකරමින් ගෙන එන ලද මර්ධනීය ක්‍රියාමාර්ගවලට යම් බාධාවක් එල්ල වී තිබේ.
අත්අඩංගුවය ගත් විශාල පිරිසක් අධිකරණයට පවා ඉදිරිපත් නොකර පොලිස් ඇප ලබාදීමට පොලීසියටම සිදුවී තිබීම මගින්, සාමාකාමී විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මනාව තහවුරු වේ.
0










