ජනපති රනිල් ජපානයට

ජනපති රනිල් ජපානයට

හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා තෙදින නිල සංචාරයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රී ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ අවමංගල්‍ය උත්සවයට සහභාගීවන බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජපානයේ ටෝකියේ අගනුවර විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අගමැති සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn