ජාතික ජන බලවේගයේ සාමාජිකයින් නොවන විශාල පිරිසක් කොට්ඨාස සභාවලදී එකතු වී සිටින බවත් මේ වනවිට රටේ උද්ගත වී ඇති සියලු ප්‍රශ්නවලට සැබෑ පිළිතුරු ලබා දිය හැක්කේ එම ජනතාව විසින් බලයට පත් කරවන ජාතික ජන බලවේගයට පමණක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවුවාය.
ඇය මේ බව පැවසූවේ මේ වනවිට පැවැත්වෙන ජාතික ජන බලවේගයේ අකුරැස්ස ආසන සමුළුව අමතමිණි.
මේ වනවිට පාසල් යන දරුවන් උදේට කහට උගුරකින් පමණක් සෑහීමට සිදුවී ඇති බවත් අවම වශයෙන් කිරි උගුරුක් හෝ දීමට නොහැකි තරම් භාණ්ඩ මිල අහස උසට නැග ඇති බවත් අවධාරණය කළාය. මෙවැනි ගැටලුවලට පිළිතුරු සෙවිය හැකි එකම බල වේගය ජාතික ජන බලවේගය බවත් රටේ දරුවන්ට අහිමි කර තිබෙන හෙට දවසේ අයිතිය නිසි පරිදි නැවත ලබා දිය හැක්කේ මෙම ව්‍යාපාරයට පමණක් බවත් ඇය එහිදී අවධාරණය කළාය.
17










