ප්‍රරබල සුළි කුණාටුවක් ආසන්න වීමත් සමඟ පිලිපීනයේ වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාලගුණ විද්‍යාඥයින් විසින් සඳහන් කරන පරිදි මෙම සුලිකුණාටුව තුන්වන කාණ්ඩයේ සුළිකුනාටුවක් වන අතර පැයට සැතපුම් 195 ක (120 mph) පමන වේගයකින් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරණ අතර එය රටේ ප්‍රධාන දිවයින වන Luzon දෙසට ගමන් කරතැයි අනුමාන කරයි. මෙම කුණාටුව හේතුවෙන් මැනිලා අගනුවර ඇතුළුව රටෙහි බොහෝ ප්‍රදේශ වලට නායයෑම්, හදිසි ගංවතුර සහ භයානක කුණාටු ඇතිවීමට හේතු විය හැකි බවට අනුමාන කරයි.
ඒ අනුව පිලිපීන රජය අදාල අංශ වලට අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කරන ලෙස උපදෙස් දී ඇති අතර ජාතික පොලිස් ප්‍රධානී ජෙනරාල් රොඩොල්ෆෝ අසුරින් පැවසුවේ “අවදානම් කලාපවල වෙසෙන පදිංචිකරුවන්ට අවශ්‍ය විටෙක ඉවත් කිරීම සඳහා වන ඉල්ලීම් පිළිපදින ලෙස අපි ඉල්ලා සිටිමු” යනුවෙනි.











