පොල් කියන්නේ පෝෂ්‍යදායී ආහාරයක් – වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න

පොල් කියන්නේ පෝෂ්‍යදායී ආහාරයක් – වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න

පොල් සහ කුරුම්ඹා ලොඳ කෑම ශරීරයට ගුණදායක බවත් එය පෝෂ්‍යදායී ආහාරයක් බවත් ලංකාවේ තිබෙන්නේ මන්දපෝෂණයක් නොව අධිපෝෂණයක් බවත් රජයේ වෛද්‍යනිලදාරීන්ගේ සංසදයේ මාධ්‍ය ලේකම්, වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න,

“මන්දපෝෂණයක් තියෙනවා තියෙනවා කියලා කියන්නේ යම් යම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෛද්‍යවරු. මම එක්කෙනෙක්වත් දැකලා නැහැ. මම දැකලා තියෙන්නේ අප්‍රිකාවේ පොටෝවලින් දැකලා තියෙනවා.

මේ රට ඔය කියන තරම් අවුලක් වෙලා නැහැ. අපි හිතමු මන්දපෝෂණය තියෙනවා කියලා. ඒකට රජයද වගකියන්න ඕනා. මන්දපෝෂණය වෛද්‍යවරුන්ගේ වගකීමක්. දැන් මම ඕගොල්ලො දිහා බැලුවොත් එහෙම මන්දපෝෂණ තත්වයක් පේන්නේ නැහැනේ. ඒ වගේම අපේ ක්ලිනික්වලට එන අම්මලා තාත්තලා බලපුවාම, ඒගොල්ලො ඇවිල්ලා මන්දපෝෂණය නෙවෙයි තියෙන්නේ දැන් අධිපෝෂණය තියෙන්නේ.

ගොඩාක් බඩවල් ලොකු, මූනු රවුම්, ටයර්එක වගේ බඩේ තියෙන දෙමව්පියෝ එන්නේ. හැබැයි ළමයට ප්‍රශ්නයක් තියෙනවානම් ඒ වගේ දෙමව්පියන්ගේ, ඒගොල්ලන්ට අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපනය ලැබිල නැහැ. ආහාර එක එක පුද්ගලයා අතරේ බෙදා යාමේ ප්‍රශ්නයක් තිබෙන්නේ. එතකොට ඊලඟ ප්‍රශ්නෙ තමයි, කුරුම්ඹ ලොඳ ගෙනාවේ. කුරුම්ඹ ලොඳ කියන්නේ හොඳ කෑමක්. ඊලඟට පොල් කියන්නේ ඉතාමත් සෞඛ්‍යසම්පන්න කෑමක් කියලා දැන් හොයාගෙන තියෙන්නේ. ඔය දියවැඩියාව තියෙන කට්ටියට, වෙන රෝග තියෙන කට්ටියට ඒ පොල්වල තියෙන තෙල ඉතාම හොඳයි කියලා කියන්නේ. පොල් අමුවෙන් කන්න පුළුවන්නම්. පොල් කෑවට කමක් නැහැ කියලා මම කියන්නේ. ලෝකේ දැන් හොයාගෙන තියෙනවා දීර්ඝායුෂ ගන්න ප්‍රධාන ක්‍රමය තමයි අපේ ආහාරයේ තියෙන කැලරි ගතිය. ඒ වගේම කෑම වේලක් දෙකක් මග ඇරෙන එක ශරීරයට ඉතාම හොඳයි.”

Facebook
Twitter
LinkedIn