අරගල ක්‍රියාකාරීන් මර්දනයට ආණ්ඩුව සැලසුම් කළ සියල්ල අසාර්ථකයි – නීතීඥ සුනිල් වටගල

අරගල ක්‍රියාකාරීන් මර්දනයට ආණ්ඩුව සැලසුම් කළ සියල්ල අසාර්ථකයි – නීතීඥ සුනිල් වටගල

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන ​තේමාවෙන් සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතාව සඳහා පැමිණියේ හොඳ නීතිමය අධ්‍යනයකින් පසුව කිසිඳු නීතියක් කඩ නොකරමින් බව නීතීඥ සුනිල් වටගල පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) පැවති එම විරෝධතා පාගමනෙන් පසු කොළඹ නව නගර සභා භූමියේ පැවැත්වූ විරෝධතා රැලිය අමතමිනි.

මීට පෙර පැවති විරෝධතාවලදී, පොලීසියට පෙර දැනුවත් කිරීමක් සිදු නොකළ බවට සඳහන් කරමින් ඒවා නැවැත්වීමට පොලීසිය කටයුතු කළ බවද, එබැවින් ඊයේ පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිට, පෙර දැනුම්දීමක් සිදුකළ බවත් ඔහු සඳහන් කරයි. විරෝධතා වැළැක්වීමේ අරමුණින් අධි ආරක්ෂිත කලාප ලෙස ජනාධිපතිවරයා අලුතින් නම් කළ ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයද කිසි ලෙසකින්වත් උල්ලංඝණය නොවන පරිදි අදාළ විරෝධතාව සංවිධානය කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

එසේ සියලු කටයුතු නීත්‍යානුකූල ලෙස සිදුකර තිබියදීත්, විරෝධතාව මර්දනය කිරීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට එරෙහිව හෙට (26) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් නැවත මතුවන අරගල​ය මර්දනය කිරිමට ආණ්ඩුව සැලසුම් කළ සියල්ල මේ වනවිට අසාර්ථක වෙමින් පවතින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn