බොරැල්ල ටිකල් පාරේ IOC ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ගොතටුව ප්‍රදේශයේ පදිංචිව සිටි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න නම් 60 හැවිරිදි පියෙකි.
මියගිය පුද්ගලයා පෙරේදා 04 රාත්‍රී ඉන්ධන ලබා ගැනීම සඳහා මෝටර් රථයෙන් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා තැන්පත් කර ඇත.
බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
1










