කැසිනෝ බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

කැසිනෝ බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මේ වනවිට සම්මතකරගනෙ තිබෙන පනත බලාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

මෙම අනුමැතිය ඊයේ (04) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ලබාදී ඇත. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර න්‍යාමනය කිරීමේ පනත සම්මත කරගනෙ තිබුණද එය බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මේ දක්වා ලබා දී නොතිබිණි. එම බාදකය ඉවත් කරමින් පනත මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට මේ අනුව ඉඩ කඩ ලබාදෙනු ඇත.

ඒ සමගම 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට කැසිනෝ කර්මාන්තයට අදාලව ක්‍රියාත්මක කිරීමට නියමිතය. කැසිනෝ පනත බලාත්මක කිරීමේ යෝජනාව මුදල් ඇමති මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්