ඇමරිකාවේ හයිලන්ඩ් පාක් හි පැවති නිදහස් දින පාගමනට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් සිවිල් වැසියන් 06දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධය වාර්ථා කරයි.
මෙම වෙඩි තැබීම සම්භන්ධයෙන් 22 හැවිරිදි Robert E Crimo III නැමැති අයෙකු කෙටි ලුහුබැදීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා අධිබලැති ගිනිඅවියක් අතැතිව පෙලපාලිය ගමන් කරන මාර්ගය අසළ වහලයකට නැග ඉලක්කයක් නොමැතිව ඉබාගාතේ වෙඩි තබා ඇති බව විදෙස්මාධ්‍ය වාර්ථා කරයි.
අඛන්ඩව මෙලෙස වෙඩිතැබීම් සහ ඝාතන සිදුවීම් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන අතර ඇමරිකානු ජනාධිපති පවසන්නේ මෙම ප්‍රචණ්ඩත්වය නිසා තමා “කම්පනයට පත් වූ” බවයි.



1










