වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය පවා නාඋල ඖෂධහල්වල නොමැති බව රෝගිහු කියා සිටිති.
ඇස්ප්‍රින් ඖෂධය රැධිරය කැටි ගැසීම වැලැක්වීම ඇතුළු රෝග රැසක් සදහා වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඖෂධයකි.
මේ වනවිට ඇස්ප්‍රීන් මිලදී ගැනීම සදහා නාඋල පිහිටි ඖෂධ හල්වලට දෛනිකව පැමිණෙන රෝගින් හිස් අතින් ආපසු යන බවද ඔවුහු කියා සිටිති.
පවත්නා තත්වය සම්බන්ධයෙන් ඖෂධ හල් හිමියන්ගෙන් කළ විමිසීම්වලදි ඔවුන් කියා සිටියේ සති ගනනකට පෙර සිට තමන්ට අදාල ඖෂධය නොලැබුනු බවය.
තදාසන්න නගරවලට යෑමේ ප්‍රවාහන හා මුල්‍යමය අපහසුතාවන්වලින් පෙළෙන පිරිස් මේ හේතුවෙන් මහත් අසීරුතාවන්ට මුහුණ දෙන බව කියා සිටි ඖෂධහල් හිමියන් අවධාරණය කර සිටියේ තමන් වෙත පැමිණ ඇති නව ඖෂධ රැසක මිල ගනන්ද මේ වනවිට ඉහළ ගොස් ඇති බවය.
0










