ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිගෙන් ඉන්ධන පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිගෙන් ඉන්ධන පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ලබන 12 වැනිදාට පෙර ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද (04) නියෝග කර තිබේ.

ඒ මේ වනවිට රටේ ඇතිවී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලින සහ කෙටිකාලින විසදුම් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිතීඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) යළි කැදවූ අවස්ථාවේදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්