විදේශ විනිමය අර්බුධයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානා ඉන්ධන හිඟය සහ අරමුදල් ආපසු ගෙන්වා ගැනීමේ ගැටළු හේතුවෙන්, ගුවන් සමාගම් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට අයත්ව තිබූ ගුවන්යානා ආසන ධාරිතාව 53%කින් අඩු කර ඇති බව වාර්ථා වේ.
ගුවන් සමාගම් කිහිපයක් පසුගියදා රටින් පිටව ගිය අතර මෙම ආසන ධාරිතාව 53%කින් අඩු කිරීමට ගුවන් සමාගම්වලට මෙම පිටවයාමද හේතුවක් වූ බව වාර්තා වේ.
Aviation Worldwide Limited හි Airline Frequency and Capacity Trend Statistics වාර්තාවට අනුව, ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට ගුවන් ආසන ධාරිතාව 27.6%කින් එනම් ආසන 313,358 දක්වා අඩු වී ඇත.
වෙළඳපොලේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් දේශීය ගුවන් සමාගම් නියෝජිතයින් විසින් පසුගිය මාස 06 තුළ තම මව්සමාගම්වලට ප්‍රවේශපත්‍ර අලෙවි කර අයකරගත් මුදල් බැංකු මාර්ග හරහා ප්‍රේෂණය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර ඒ අනුව, මේ වනවිට එම ප්‍රේෂණය නොකල මුදල් ඩොලර් මිලියන 150ක් පමණ දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.










