රනිල් ලෝක වාර්ථාවකට සැරසේ

රනිල් ලෝක වාර්ථාවකට සැරසේ

අගමැති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාව ඉතාම කෙටි කාලයක් තුල අතිවිශාල විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීමෙන් වාර්ථා පිහිටුවිමට කටයුතු කරමින් සිටින බව රොයිටර් පුවත්සේවය පළකල ප්‍රවෘත්තියකින් අනාවරණය වේ.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් අනුව එම පුවත් සේවයේ පලකර තිබෙන්නේ ඉදිරි මාස 06 තුල රට නොනැසී පවතින්නට නම් ඩොලර් මිලියන 5000ක් අවම වශයෙන් ණය ලබාගත යුතු බවය. මේ වන විට විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබෙන පසුබිමක මෙතරම් අතිවිශාල ණය මුදලක් ලාබාගත හැක්කේ කෙසේදැයි ඔහු හෙලිකර නැත.

මේ වන විට ඉන්දියානු වෙළඳ ණය යටතේ ඉන්ධන ඇතුලු අතාවශ්‍ය භාන්ඩ ලබාගැනීමට අදාල ගිවිසුම් කිහිපයක්ම අත්සන් කර තිබිණි. ඉන්දීය මධ්‍යම ආන්ඩුව ශ්‍රී ලංකාවට මේ තුලින් විවිධ බලපෑම් කරමින් සිටින අතර ප්‍රාන්ත දේශපාලන පක්ෂ පවා මෙරට වැටී තිබෙන තත්වයෙන් අවස්ථාවාදී ප්‍රයෝජන ගැනීමට ක්‍රියා කරමින් සිටී. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස ඈදා ගත යුතු බව ප්‍රකාශ කර තිබෙන්නේ මෙම පසුබිම යටතේය.

රනිල් වික්‍රමසිංහ අගමැති දූරය ලබාගැනීමෙන් පසුව මුදල් ඇමති දූරයද ලබා ගත්තද මේ වන විට රට හෙලා තිබෙන බිහිසුණු ආර්තික අර්බුධයෙන් ගොඩ ගැණීමේ කිසිඳු පිළිගත හැකි සැලැස්මක් හෝ මේ දක්වා ඉදිරිපත් කර නැති තත්වය තුල විදේශ ණය ගැනීම පිළිබඳව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn