ජූලි පළවෙනිදා සිට බස්ගාස්තු යලි ඉහලට

ජූලි පළවෙනිදා සිට බස්ගාස්තු යලි ඉහලට

ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

අනිවාර්ය වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් ලබන ජූලි මස 1 වැනිදාට යෙදී තිබීම සහ ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යෑම හේතුවෙන් ඩොලරයේ අගය ඉහළ යෑම ආදි කරුණු රැසක් මේ වන විට ගැලපීම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා සහ බස් සංගම් නිලධාරීන් අතර අනිද්දා (28) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් තිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් කීය.

Facebook
Twitter
LinkedIn