අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජූනි 27 සඳුදා සිට ජූලි 01වන දා දක්වා සතිය තුළ පාසල් පැවැත්වෙන ආකාරය නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත්වූ ආකාරයට ගුරුවරුන්ට සහ සිසුන්ට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදි පැවැත්විය යුතු අතර ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් කර කාලසටහනක් සකස් කරනු ඇත.
පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික පාසල් සතියකට දින තුනක් එනම් අඟහරුවාදා , බදාදා සහ බ්‍රහස්පතිංදා දිනවල පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්විය යුතු බවත් සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ගගත ඉගැන්වීම් කටයුතු අඛන්ඩව පවත්වාගෙන යායුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
2










