ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙකු සහ වර්තමාන කන්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ද වන ලසිත් මාලිංග විසින් තම නිල ෆේස්බුක් පිටුවට වීඩියෝ පටයක් මුදා හරිමින් කියා සිටින්නේ අද(24) දින තමන් කන්ඩායම් පුහුණු කරුවෙක් ලෙස සිටින අවසන් දිනය බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතිය සහ කාර්ය සාධනය ගැන තමන් ඉතාමත් සතුටු වන බවත් තරුණ කණ්ඩායම ගෙන යන තරගකාරිත්වය පුදුම සහගත බව හා තරගාවලිය හතරට එකක් ලෙස නිමා කිරීමට ද තමන් ඇතුළු කණ්ඩායමට හැකි බව වැඩි දුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්