ගෝටා බැංකු ටිකත් කම්බස්කරයි – සාක්ෂි මෙන්න

ගෝටා බැංකු ටිකත් කම්බස්කරයි – සාක්ෂි මෙන්න

තමාගේ ඉදිරි ධුර කාලයද සම්පූර්ණ කරමින් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විදේශීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙන අතර පසුගිය කාලය තුළ මෙරට මුළු බැංකු පද්ධතිය ඇතුළු ආර්ථිකය අනතුරට හෙළා ඇති අන්දම සම්බන්ධයෙන් නවතම නිල තොරතුරු හෙළි වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික තොරතුරු වාර්තවේ ජුනී 03 නිකුත් කළ ප්‍රකාශයෙන් අදාල තොරතුරු උපුටාගැනේ.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ 2019 දෙසැම්බර් අවසාන වනවිට මෙරට බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 115.3ක් වී තිබිණ. එනම් රුපියල් කෝටි 11,530ක්ය. මෙම ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය 2022 මාර්තු අවසන් වනවිට රුපියල් බිලියන සෘණ 1,888.7ක් දක්වා බිහිසුණු අන්දමින් බිඳවැටී ඇත.

එනම් බැංකු පද්ධතිය සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන සෘණ 188,870ක් දක්වා බිඳ වැටී තිබීමයි. එම වැටීම කොතරම් වේගවත්ද යන්න පැහැදිලි වන්නේ පසුගිය පෙරවාරී මස අවසන් වනවිට අදාල අගය රුපියල් බිලියන සෘණ 1,275.2ක් වී තිබීමෙනි. මේ අනුව මසක් තුළ බැංකු පද්ධතියේ වත්කම් කඩා වැටීම රුපියල් බිලියන 613.5ක් වී ඇත. එනම් රුපියල් කෝටි 61,350කින් බිඳවැටීමක්ය.

මීට අමතරව විදේශ රැකියා නියුක්තිකයන් එවන ආදායම් බිඳ වැටීම, තේ අපනයනය කරන ප්‍රමාණය බිඳවැටීම සහ මධ්‍ය රජයේ නොපියවූ ණය තව තවත් ඉහළ යාම යන දත්තද එම වාර්තාවෙන් හෙළි වී ඇත.

විදේශ රැකියා නියුක්තිකයන් 2021 ජනවාරි-මාර්තු කාලයේ ඩොලර් මිලියන 2,385.8ක් එවා තිබූ අතර 2022දී එය ඩොලර් මිලියන 1,031.5ක් දක්වා බිවැටී ඇත. එමෙන්ම තේ අපනයනය කළ කිලෝ ග්‍රෑම් ප්‍රමාණය 2021 ජනවාරි-මාර්තු කාලයේ මිලියන 74.5ක් වී තිබූ අතර 2022දී එය කිලෝ ග්‍රෑම් මිලියන 63ක් දක්වා බිඳ වැටී තිබේ.

ඊට අමතරව මධ්‍යම රජයේ නොපියවූ ණය 2021 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 17,589.4ක් වූ අතර 2022 ජනවාරි 31 වනවිට රුපියල් බිලියන 17,873ක් දක්වා මාසයක් තුළ රුපියල් බිලියන 283.6කින් ඉහළ නැග තිබිණි.

ගෝටාබය රාජපක්ෂගේ ගෙවි ගිය වසර දෙකහමාරක පමණ කාලය තුළ බැංකු බද්ධතිය මේ ආකාරයේ අනතුරකට ලක් කර ඇති අතර අනිකුත් ක්ෂේත්‍රයන් බිඳදමා ඇති ආකාරය පිළිබඳවද පැහැදිලි වේ. ඔහු අපේක්ෂා කරන පරිදි ඉතිරි ධුර කාලයේද රැඳී සිටිය හොත් රටේ ආර්ථිකයට සිදුවිය හැකි බිඳවැටීමේ ප්‍රමාණය කිසිසේත්ම පුරෝකතනය කළ නොහැකි බව පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්