කබ්රාලුත් ඇප පිට නිදහස්

කබ්රාලුත් ඇප පිට නිදහස්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙ ලෙස ඇප මත නිදහස් කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී‍ විශ්වාසය කඩකර ඇති බවට අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව චෝදනා කරමින් තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද (07) විභාගයට ගනිමිනි.

එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණය හමුවේ පෙනී සිටි ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්