අභ්‍යන්තර ගැටීම් ප්‍රබලයි… 21 තවත් කල් යයි…

අභ්‍යන්තර ගැටීම් ප්‍රබලයි… 21 තවත් කල් යයි…

ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ බලය තහවුරු කරගනිමින් ඉදිරි කාලය ගත් කිරීම සඳහා ආණ්ඩු බලය තුලනාත්මකව පවත්වා ගැනීමට ක්‍රියා කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තව දුරටත් කල් දමා තිබේ.

මෙම කල් දැමීමට විශේෂම හේතුව වී ඇත්තේ හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ විමලවීර දිසානායක යන පිරිස අගමැති හමු වී දැනට සකස් කර තිබෙන කෙටුම්පතට බලවත් විරෝධය පෑම බව අනාවරණය වේ. ආණ්ඩුව නියෝජනය කරන එක් පිරිසක් ජනාධිපතිවරයාගේ බලතල සීමා කළ යුතු බවට සහ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි කළ යුතු බවට මතයක් ප්‍රකාශ කර ඇත.

එහෙත් එයට විරුද්ධ මතයක් දරන පිරිස් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීමෙන් රට අස්ථාවර වන බවත් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර එම බලතල ඉවත් කිරීමට ක්‍රියා නොකළ යුතු බවත් ප්‍රකාශ කර ඇත. මේ අනුව ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධන කෙටුම්පත මුල් කරගෙන තව දුරටත් උපක්‍රමික කල් මැරීම ආණ්ඩුව සිදුකරන බව පැහැදිලි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්