තමන් අසමත් ජනාධිපතිවරයෙකු ලෙස ඉවත්ව යන්නේ නැති බවත් තමන්ට ජනවරම ලැබී ඇති අවුරුදු 05ක ධුර කාලය අවසන්වන තුරු ධුැරයේ රැඳී සිටින බවත් යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
කෙසේ වෙතත් මේ වනවිට රට පුරා ජනතාව වීදි බසිමින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉවත්වන ලෙසත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාට පාර්ලිමේන්තුවෙන් ඉවත්වන ලෙසත් සඳහන් කරමින් විරෝධතා දියත් කර ඇති අතර ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල අසල ජනතාව කඳවුරු බඳිමින් මේ වනවිට දින 58ක් තිස්සේ විරෝධතා දක්වමින් සිටිති.
2










