1922 නොවැම්බර් 1 වන දින සුල්තාන් රාජ්‍යය අහෝසි කර නිදහස් ජනරජයක් වී වසර 100 කට පමණ පසු ‘තුර්කිය’ ( Turkey) යන නම වෙනස් කිරීමට තීරනය කර ඇති අතර, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, මින් ඉදිරියට තුර්කිය හැඳින්වෙන්නේ ‘තුර්කියේ’ Türkiye යනුවෙනි.
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසා ඇත්තේ මින් ඉදිරියට Turkey යන නම භාවිතය වෙනුවට, Türkiye යන නම භාවිත කරන්නැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ගත් තීරණයට තමන් කැමැත්ත දෙන බවත්, මින් ඉදිරියට Türkiye යන නමින් තුර්කිය හැඳින්වෙනු ඇති බවත්ය.
මැදපෙරදිග කලාපයේ සීමාවේ පිහිටා තිබෙන තුර්කිය කලාපීය බලවතෙකු වන අතර අලුතින් කාර්මිකකරණය වූ රටකි. භූ දේශපාලනික වශයෙන් උපාය මාර්ගික පිහිටීමක් ඇත. දළ දේශීය නිෂ්පාදිතයෙන් ලෝකයේ විසිවන විශාලතමයා වන අතර NATO, IMF සහ ලෝක බැංකුවේ මුල් සාමාජිකයෙක් සහ OECD, OSCE, BSEC, OIC සහ G20 හි ආරම්භක සාමාජිකයෙකි. 1950 දී යුරෝපීය කවුන්සිලයේ මුල් සාමාජිකයෙකු බවට පත්විය. ඔටෝමාන් අධිරාජ්‍යයෙන් ගොඩනැඟුණු තුර්කියට පොහොසත් සංස්කෘතික ඇති අතර යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන 19 කින් සමන්විතය. තුර්කිය ලෝකයේ වැඩිපුරම සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් සංචාරකයින් ජනප්‍රිය ගමනාන්තයකි.
තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan විසින් සංදේශයක් නිකුත් කර සෑම භාෂාවකින්ම රට විස්තර කිරීමට Türkiye භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේදී තුර්කිය සිය ජාත්‍යන්තරව පිළිගත් නිල නාමය ඉංග්‍රීසියෙන් Türkiye ලෙස වෙනස් කිරීමට පියවර ගත්තේය.
“Türkiye යනු තුර්කි ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සාරධර්මවල හොඳම නියෝජනය සහ ප්රකාශනයයි.” තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත. එසේම දේශීය සමාගම්වලට මෙන්ම එරට භාණ්ඩ අපනයනය කරනු ලබන සමාගම්වලට ඔවුන්ගේ අපනයන භාණ්ඩ සඳහා “තුර්කියේ නිෂ්පාදිත” ලෙස මින් ඉදිරියට භාවිතා කරන ලෙසත් රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ ලිපි හුවමාරුවේදී Türkiye භාවිතා කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.










