ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට සුභ පණිවිඩයක්!

ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට සුභ පණිවිඩයක්!

මාස ගණනාවක සිට ගෘහස්ථ ගෑස් වෙළදපොළට නිකුත් කිරීම නතර කර දමා තිබෙන ලාෆ් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලැබූ ගෑස් නෞකාවක් හෙට (04) දිනයේදී ලංකාවට පැමිණීමට නියමිත බව එම සමාගම පවසයි.

මෙම නෞකාව විසින් ගෑස් මෙට්‍රික්ටොන් 3000 ක පමණ තොගයක් රැගෙන එන බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී නැවතත් ලාෆ් ගෑස් වෙළඳ පොළට නිකුත් කෙරීමට නියමිතය.

මෙරට ගෘහස්ථ ගෑස් පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ලාෆ් ගෑස් භාවිතා කරනු ලබන අතර පසුගිය මාස ගණනාවක සිට එම පරිභොගිකයින් දැඩි අපහසුතාවයටක පත්ව සිටියේ එම සමාගම විසින් වෙළඳ පොළට ගෑස් නිකුත් නොකිරීම නිසාවෙනි.

ඊට හේතුව ලෙස ඔවුන් පවසා සිටියේ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn