හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අයත් යැයි පැවසුනු මල්වානේ පිහිටි මන්දියර සම්බන්ධ නඩුවෙන් බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් යනදෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක භූමිය සුවිසාල නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපළක් පවත්වාගෙන ගොස් තිබුණු අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට එරෙහිව රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශනවලදී මෙම දේපල බැසිල් රාජපක්ෂට අයත් බවට අනාවරණය වී තිබිණි.
මෙම දේපල සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවලදී දැඩි කතාබහට ලක්වූ අතර තිරුකුමාර් නඩේසන් නමට මෙම දේපල අයත්ව බවට පැවසිනි. මේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.










