ගෑස් අර්බුදයට විදුලි බිලෙන් විසඳුම් සොයයි

ගෑස් අර්බුදයට විදුලි බිලෙන් විසඳුම් සොයයි

විදුලි බිල පදනම් කර ගනිමින් ඉදිරියේදී ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ලිට්‍රෝ සමාගම සූදානම් බව වාර්තා වේ.

පවතින ගෑස් අර්බුදය හමුවේ යම් පිරිස් ගෑස් සිලින්ඩර කිහිපයක් එකවර ලබා ගැනීමටත් යම් පිරිස් ගෑස් සිලින්ඩර වැඩි මිලට විකිණීමේ තත්වය හමුවේත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට ලිට්‍රෝ සමාගම සූදානම් වේ.

විශේෂයෙන්ම පසුගිය දිනවල කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ රැසක ජනතාව ගෑස් සිලින්ඩර නිකුත් නොකිරීමත් සමඟ මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වීමටත් ගෑස් සිලින්ඩර පැහැරගැනීමටත් ‌පෙළඹ වී තිබිණි. එම නිසා ගෑස් බෙදාහැරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වීමෙන් ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn