රට හැර යන පිරිස වේගයෙන් ඉහළට

රට හැර යන පිරිස වේගයෙන් ඉහළට

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා තිබෙන අතිශය අවධානම් ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ මෙරට ජනතා රටහැර යෑමේ තත්වය වේගයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

මහ වැසි මධ්‍යයේ වුවද බොහෝ පිරිසක් පසුගිය දින කිහිපයේ සිට විදේශ සේවා නියුක්ති කාර්යංශය අසලත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල මෙන්ම රටපුරා විදේශ රැකියා නියෝජිත ආයතන අසලත් ඒකරාශී වී සිටින බව වාර්තා වේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව මෙරට ජනතාවගේ එදිනෙදා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ජනතාවට දරාගත නොහැකි ආකාරයට වේගයෙන් ඉහළ යමින් ඇති අතර ඉන්ධන, ගෑස් වෙනුවෙන් දින ගණන් මහ මඟ කාලය ගෙවා දැමීමට ජනතාවට සිදුව තිබේ.

Facebook
Twitter
LinkedIn