ජොනී ගැනීමේ මෙහෙයුමක්

ජොනී ගැනීමේ මෙහෙයුමක්

පසුගිය මැයි 09 වෙනිදා මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගමට එල්ල කරන ලද රාජපක්ෂ මැර ප්‍රහාරයට මූලිකත්වය සැපයූ ප්‍රධානියෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගනු ඇති බව වර්ථා වේ.

ඔහු ඇතුලු 27 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති වරයා නිර්දේශ කර සති තුනක් ඉක්ම ගොස් තිබේ. එහෙත් අද ජූනි (01) දක්වා ඔහු ඇතුලු මූලිකයින් අත්අඩංගුවට නොගත් අතර ඒ පිළිබඳ සමාජයෙන් දරුණු විවේචන එල්ලවෙමින් පවතී. මෙම තත්වය හමුවේ අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව විසින් අදාල මූලික පරීක්ශණ අවසන් කර තිබේ.

මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් හෝ දූශණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් පනවා තිබී ඉල්ලා අස් කරගන්නා ලද නඩු කිහිපයක්ද නැවත පැවරීමට කටයුතු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn