හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විණී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.
2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් 2016 දී දුමින්ද සිල්වා ඇතුළු චූදිතයින්ට මරණ දඬුවම නියමවූ අතර වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු 2021 ජුනි 24 වනදා ඔහුට ජනපති සමාවක් ප්‍රදානය කර නිදහස් කළේය. පසුව ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.
එම තීරණය ගැන මියගිය භාරතගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අද අධිකරණය දන්වා සිටියේ නඩුව විභාගය අවසන් වනතුරු දුමින්දගේ ජනපති සමාව අවලංගු වන බවයි. ඒ අනුව දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම නැවත ක්‍රියාත්මක වනු ඇත.
යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණී.










