මැයි 09 ප්‍රහාරයට වසන්තා හදපාන්ගොඩත් අත්අඩංගුවට

මැයි 09 ප්‍රහාරයට වසන්තා හදපාන්ගොඩත් අත්අඩංගුවට

පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (31) අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ රාජපක්ෂවරුන්ට ඉවත්වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී පැවති විරෝධාවයන්ට පසුගිය 9 දින පහර දීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පස්දෙනා අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, එම නගර සභා සේවකයින් තිදෙනෙකු, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සිටින බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස ගෙන් සිද්ධියට අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Facebook
Twitter
LinkedIn