ආණ්ඩුවට ග්‍රාම නිලධාරීන්ගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ආණ්ඩුවට ග්‍රාම නිලධාරීන්ගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

පොලිස්පතිවරයා මේ වනවිට හෙළිකර ඇති තොරතුරු අනුව දේශපාලන අවශ්‍යතා මත පත්කර සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් 182 සමඟ කිසිදු නිල රාජකාරියක් ඉටු නොකිරීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න 21 වෙනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ. ජේෂ්ඨත්වය සහ නිපුණතා මෙන්ම දක්ෂතා ඇති පොලිස් නිලධාරීන් පැත්තකට දමා පත්කර තිබෙන දේශපාලන හෙන්චයියන් නිසා මෙරට අපරාධ ඉහල ගොස් ඇති බව පෙන්වා දී තිබේ.

මෙම තත්වය තුළ නිසි පරිදි රාජකාරී කිරීමට ග්‍රාම නිලධාරීවරුන්ට නොහැකි බවත් අදාළ දේශපාලන පත්වීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරුන් ඉවත් නොකරන්නේ නම් සියලු ග්‍රාම නිලධාරීවරුන් පොලිසිය සමඟ එක්ව සිදු කරන රාජකාරී කටයුතුවලින් ඉවත්වන බවට අනතුරු අඟවා තිබේ.

Facebook
Twitter
LinkedIn