ගෝඨා රනිල් මහා ප්‍රෝඩාවක

ගෝඨා රනිල් මහා ප්‍රෝඩාවක

අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කියන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ බලතල කපා හැරීමට අදාළව ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොවන බවත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීමේ අවස්ථාව සීමා කිරීමට අදාළ විවාදාත්මක වගන්තිවලින් සමන්විත වන බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

විශේෂයෙන්ම, ජනාධිපතිගේ බලතල කපා හැරීමට අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සම්මත කර ගත යුතුය. නමුත් ගෝඨා රනිල් ආණ්ඩුව මේ වනවිට එම 2/3 ඡන්දය නොලැබෙන පරිදි මන්ත්‍රීවරු මෙහෙයවීමක සිටි. මෙය තනිකරම බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමක් බවත් ඒ අනුව ද්විත්ව පුරවැසියන් හට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීමක් සිදු නොවනු ඇති බවත් ආණ්ඩුවේ එම අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn