පොලිස්පති ලඟදීම ඉවත් වෙයි

පොලිස්පති ලඟදීම ඉවත් වෙයි

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මේ වනවිට ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සමඟ ඇතිකර ගෙන තිබෙන ගැටීම් හමුවේ නොදුරු දිනයකදී ඉල්ලා අස්වනු ඇතැයි දැඩි මතයක් පවතී.

විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන ජගත් ඩයස් සමඟ පවතින ගැටීම බරපතළ බව හෙළිවේ. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පව වෙනිදා ගෝඨාගෝ ගම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇති පොලිස්පතිවරයා අදාළ ප්‍රහරයේ සම්පූර්ණ වගකීම එම ලේකම්වරයා දරැය යුතු බවට කරුණු ඉදිරිපත් කර ඇතැයි අනාවරණය වේ.

මෙම තත්වය තුළ නොදුරු දිනකදී පොලිස්පතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වේ යැයි තහවුරු වී ඇත.

Facebook
Twitter
LinkedIn