කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තිය සමිති කාර්යාලයක් ස්ථාපනය කර ඇතැයි අප වාර්තාකරු පවසයි.
ඔහු සඳහන් කළේ, කන්ටේනර් දෙකක් එක් කර රුපියල් ලක්ෂ 90ක පමණ වියදමකින් එම කාර්යාලය ඊයේ (අප්‍රේල් 28) උදෑසන ස්ථාපනය කර ඇති බව ය.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මැදිව සිටින අවස්ථාවක මෙලෙස කාර්යාලයක් විවෘත කිරීම ගුවන්තොටුපළ නිලධාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව වූ බව ඔහු පැවසීය.
අප වාර්තාකරු වැඩිදුරට ත් සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් පක්ෂ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමේ අරමුණින් කාර්යාල පිහිටුවීම වෙනුවට ආර්ථික අර්බුදය විසඳීමට තම උත්සහය යොමු කළ යුතු බව ඔවුන් එහිදී පෙන්වා දුන් බවය.
මව්බිම


0










